Friday 15 February 2013

ආයුබෝවන්


ඔන්න මාත් හා හා පුර කියල බ්ලොග් එකක් ලියන්න  පටන් ගත්ත . බ්ලොග් එකක් ලියන්න හිතේ ආසාව තිබත් එකට පොඩි බයකුත් හිතේ තිබ්බ.  මම  ලියන දේවල් කොහොම වෙයි ද  දන්නේ නැති නිසා . ඒ ස්කොලේ ඕ ලෙවල් කලට පස්සෙම ලියන්න තිබ්බ අසාවයි හැකියාවයි දෙකම මගෙන් ඈත් වෙලා ගිය නිසා.    ඉස්සර මම් ලියන්න ගොඩක් ආසයි . ඒත් දැන් නම් එ දේවල් කොහේ ගිහින්ද කියල හිතාගන්න බැ.

ඔෆීස් එකේ කරන්න වැඩක් නැති වෙලාවක සයිබරයේ සැරි සරණ කොට තමයි මට මේ බ්ලොග් කියන දේ හම්බවුනේ. මුලින් සීමිත බ්ලොග් ප්‍රමානයක් කියවපු මම දැන් ගොඩක් බ්ලොග් කියෝනව .. එතකොට තමයි  මටත් අදහසක් පහල උනේ බ්ලොග් එකක් ලියන්න .. ..   ඔන්න කල් යල් බලල අද මම ඒ දේ අද පටන් ගත්ත... ඉතින් මාත් දැන් පුළු පුළු වන් විදියට බ්ලොග් එකක් ලියනවා..  අප්පා හිතට මොකක් දෝ කියන්න බැරි සතුටක් දැනෙනවා ..

එහෙනම් යාලුවනේ අද ඉදන් ඉඩක් තියන වෙලාවට එන්න මේ පැත්තේ ඇවිත් යන්න .